Aptitude Test Guider

Aptitude Test Guider

We are Aptitude Test Guider

The leading aptitude test guiding programme in Sri Lanka that guides University of Moratuwa aptitude tests.

What is Aptitude Test Guider?

Aptitude Test Guider වැඩසටහන, ශ්‍රී ලංකාවේ අ.පො.ස (උසස් පෙළ) සාර්ථකව අවසන් කර විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් මොරටුව විශ්වවිද්‍යාලය විසින් පවත්වන යෝග්‍යතා පරීක්ෂණ සඳහා පෙනී සිටීමට අපේක්ෂිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පවත්වනු ලබන විශේෂිත වැඩසටහනක්.

අ.පො.ස (උසස් පෙළ) සාර්ථකව අවසන් කිරීමෙන් පසු විශ්වවිද්‍යාල අයදුම්පත් යොමු කරමින් මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාව (Architecture), නිර්මාණවේදය (Design), භූමි නිර්මාණවේදය (Landscape Architecture), විලාසිතා නිර්මාණය සහ නිපයුම් ප්‍රවර්ධනය (Fashion Design & Product Development) යනාදී උපාධි පාඨමාලාවලට තේරී පත් වීමට අපේක්ෂිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් මුහුණ දිය යුතු යෝග්‍යතා පරීක්ෂණ (Aptitude Tests) සඳහා සාර්ථක මග පෙන්වීමක් ලබාදීමේ අරමුණ සහිතව Aptitude Test Guider වැඩසටහන ස්ථාපිත වෙලා තියෙනවා.

Why Aptitude Test Guider is Unique?

මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාව (Architecture), නිර්මාණවේදය (Design), භූමි නිර්මාණවේදය (Landscape Architecture), විලාසිතා නිර්මාණය හා නිපැයුම් ප්‍රවර්ධනය (Fashion Design & Product Development) යනාදී උපාධිපාඨමාලා සඳහා අයදුම් කළ හෝ අයදුම් කිරීමට අපේක්ෂිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ සම්බන්ධව සියලුම තොරතුරු දැන ගැනීමටත්, එම උපාධි පාඨමාලා සඳහා පූර්ණ ලෙස මඟ පෙන්වීමක් ලබා ගැනීමටත් ශ්‍රී ලංකාවේ දැනට පවතින එකම සහ හොදම විශ්වාසනීයතම සේවාවක් සපයන්නේ Aptitude Test Guider විසිනි. වසර ගණනාවක් මෙම උපාධි පාඨමාලාවට අයදුම්කිරීමේදී සිසුන් විසින් මුහුණ පෑ විවිධ අභියෝගයන්ට අතහිත දෙමින් ඔවුන්ගේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට පූර්ණ ලෙසම කැපවිමෙන් කටයුතු කළ එකම වැඩසටහන ද Aptitude Test Guider වැඩසටහනයි.

විශ්වවිද්‍යාල අයදුම්පත් යොමු කිරීමට පෙර සිටම පියවරෙන් පියවර සියලුම සිසුන් නිවැරදි ලෙස මෙහෙයවමින් යෝග්‍යතා පරීක්ෂණ (Aptitude Tests) සඳහා සාර්ථක ලෙස ඔවුන්ව සූදානම් කොට ඔවුන්ට ඉහළින්ම තේරී පත්වීමට අවස්ථාව සලසනවා පමණක් නොව, විශ්වවිද්‍යාල කාලසීමාව තුළ අති සාර්ථක ලෙස දේවල් ඉටු කර ගැනීමට ද පූර්ණ මග පෙන්වීමක් ලබා දෙන එකම වැඩසටහන Aptitude Test Guider වැඩසටහනයි. Aptitude Test Guider වැඩසටහන සැකසී ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාව (Architecture), නිර්මාණවේදය (Design), භූමි නිර්මාණවේදය (Landscape Architecture), විලාසිතා නිර්මාණය හා නිපැයුම් ප්‍රවර්ධනය (Fashion Design & Product Development) යනාදී උපාධිපාඨමාලා වලට තේරී පත්වීමට සිසුන් විසින් සමත් විය යුතු යෝග්‍යතා පරීක්ෂණ (Aptitude Tests) වලට සාර්ථක ලෙස ඔවුන්ව පුහුණු කිරීමට පමණක් නොවෙයි. යම් දිනක එම ක්ෂේත්‍රයෙහි ඔහුව හෝ ඇයව ඉහළින්ම ඔසවා තැබීමට අවශ්‍ය නිවැරදිම අඩිතාලම සැපයීමටයි. Aptitude Test Guider විසින් එය එසේම අති සාර්ථක ලෙස ඉටු කර ඇති බව පසුගිය වසර කිහිපය තුළ සනාථ කර ඇත.

Lecturing Method?

ඔබව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් බවට පත්කිරීමට නිවැරදි අඩිතාලමක් සැපයීමට නම් ඉතා විශිෂ්ට දැනුමක් නිවැරදි ලෙසම ඔබට ලබාදිය යුතුය. Aptitude Test Guider විසින් මෙහෙයවන සමස්ථ පාඨමාලාව ම සැකසී ඇත්තේ ඔබට යෝග්‍යතා පරීක්ෂණ (Aptitude Tests) ජයගැනීමට පමණක්ම නොවෙයි. සමස්ථ වැඩසටහනේ සියලුම දෑ ඔබව ක්ෂේත්රයේ ප්‍රවීණයකු කරවී ම සඳහා ම සැකසී ඇත. සමස්ථ පාඨමාලාවේ දේශන මාලාව සැකසී ඇති ආකාරය පහත පරිදි වේ.

Skill Based Sessions
Past Paper Based Sessions
Model Paper Based Sessions
Thinking Pattern Based Sessions
Continuous Skill Development Activities
Group Discussions
Design Projects
Individual and Group Presentations
Skill Development Meetings
Continuous Individual Assessments

මේ ආකාරයට සමස්ථ පාඨමාලා කාලය පුරාවටම අතිසාර්ථක අන්දමින් ඉතා විශිෂ්ඨ ඉගැන්වීම් ක්‍රම භාවිතා කොට පරිපූර්ණ දැනුමක් ඔබට ලබා දීමට Aptitude Test Guider නිරන්තරයෙන් ම කටයුතු කරනවා.

Our Results

පසුගිය වර්ෂයේදී ද, පෙර සෑම වසරක මෙන්ම ඉතා විශිෂ්ඨ ප්‍රතිඵලයකට හිමිකම් කීමට Aptitude Test Guider හට හැකියාව ලැබී තිබුණා. දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය කරමින්, විවිධ පාසැල් වලින් Aptitude Test Guider පාඨමාලාව සමග සිසුන් විශාල පිරිසක් සම්බන්ධ වූ අතර ඔවුන්ට අතිසාර්ථක ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාව (Architecture), නිර්මාණවේදය (Design), භූමි නිර්මාණවේදය (Landscape Architecture), විලාසිතා නිර්මාණය හා නිපැයුම් ප්‍රවර්ධනය (Fashion Design & Product Development) උපාධි පාඨමාලාවලට තේරී පත් වීමට ද හැකියාව ලැබුණා.